මැලේ මිතුරාගේ නැතිවුණු හැඳුනුම්පත
ඔහුගේ
වේගවත් ගමන මට කේන්තියක් මෙන්ම, තෘප්තියක්ද
ගෙනාවේය. ඒ සමඟම නතර වූ ඔහු පාර දෙස
මහත් ඕනෑකමින් බලන්නට වූයේ බසයක් එනවාදැයි බලන්නාක් මෙනි. සරමක් ඇද එයට කෝට් එකක් දමා සිටි ඔහුගේ
හිසෙහි ජටාවකි. මා යන්තමින් මෙන් දුටු
ඔහුගේ මුහුණේ උඩුරැවුල ද, යටි
රැවුල ද වැවී තිබුණේ ආරියාදුවට වැඩුණු තන පිට්ටනියක් මෙනි. වයස අවුරුදු 60ක් 70ක් පමණ වූ ඔහුගේ පෙනුම
මොන්ගෝලියානු පෙනුම හෙවත් ඉන්දු-චීන උරුවකට නෑකම් කීවේය.
“මැලේ
ජාතිකයෙක්” මගේ හිත මට ඔහු හඳුනාගන්නට
උදවු කළේය.
මැලේ
ජාතිකයෙක්! මැලේ වීදිය!!
ඔහ්! හරි අපූරු හමුවීමකි.
සාමාන්‍ය ව්‍යවහාරයේදී
ලංකාවේ ජනවර්ග හතරක් තියෙන බව අප විශ්වාස කරතත්, සැබෑ තත්ත්වය ඊට වෙනස් ය. මෙරට ඇති ජනවර්ග සංඛ්‍යව
ගැන කතා කිරීම ඒතරමටම සංකිර්ණය. විවිධ ජාති, ආගම්, කුල, ආදිය මිශ්‍රවීමෙන් ද ,සංක්‍රමණ, ආක්‍රමණ ආදියෙන්ද මේ සංකිර්ණ සමාජ විවිධත්වය ලාංකීය සමාජයේ නිර්මාණය වී
තිබේ. මැලේ; මේ ජනවර්ග අතරින් සුළුතර
ජනකොටසකි.
නියමාකාරයෙන්
අර්ථ දක්වන්නේ නම් මැලේ සුළු ජන වර්ග අතරින්ද සුළුතරයකි. 2001 ජන
සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංගණන වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 19.25කි. ඉන් මිලියන 1.498ක් මුස්ලිම් ජාතිකයෝ වෙති. මේ මුස්ලිම් ජන කොටස මෝරා, මේමන්, මැලේ.... ආදී ලෙස කොටස්වෙති. මින් මැලේ ජනතාවට අයත්වන්නේ 56,196ක පමණ පිරිසකි.
සංඛ්‍යාවෙන්
ඉතා කුඩා පිරිසක් වුවත් මැලේ ජනතාව සහ ලංකාව අතර පැවැති සම්බන්ධතාව දුරාතීතයට
දිවයන්නක් බව පෙනී යයි. විශේෂයෙන්ම ලංකාවේ මැලේ
ජනයා ගැන මුල්වරට සාක්ෂි හමුවන්නේ මහාවංශයේ දෙවැනි කාණ්ඩයේ 83 වැනි පරිච්ඡේදයේ 36-40 වැනි ගාථාවලදීය. එහි සඳහන් වන පරිදි දෙවැනි පරාක්‍රමබාහු රජ
සමයේ ජාවක රට චන්ද්‍රභානු නම් රජෙක් ලක්දිවට ගොඩබැස ඇත.
බෞද්ධ
රජකු ලෙස සැලකෙන මොහු ලංකාවට පැමිණ ඇත්තේ දන්ත ධාතූන් වහන්සේ රැගෙන යාමට බවද
කියැවේ. මේ පැහැරගැනීම සඳහා රජු සමඟ
යෝධයන්ද ගොඩ බැස ඇති බවත්, ඔවුන්
දරුණු විෂපෙවූ හීයෙන් සටන් කරමින් ලක්දිව වැනසූ බවත් ඉතිහාසයේ කියැවේ. මේ රජු අවස්ථා දෙකකදී ලක්දිව යටත් කර සිය
අරමුණු ඉෂ්ට කර ගැනීමට වෙර දැරුවත් එම අවස්ථා දෙකේදීම එය අසාර්ථක වී ඇත. යාපනයේ අර්ධද්වීපයේ චාවන් කෝට්ටේයි (ජාවක කොටුව) සහ චාවකෝට්ටේයි (ජාවක කොටුව) වැනි ප්‍රදේශ චන්ද්‍රභානු රජුගේ
අනුගාමිකයන් විසින් ඇති කරගත් ජනපද විය හැකි බව කොඩිරින්ටන් මහතාෙග් මතයයි. එමෙන්ම යාපනේ ‘ජා-පනේ’ යන්නෙන්
බිඳී ආ බවටද මතයක් පවතී.
මෙලෙස දීර්ඝ ඉතිහාසයක්
ලාංකීය මැලේ ප්‍රජාවට පැවැතියත් ශ්‍රී ලංකාවේ වර්තමාන මැලේ ජනයා පැවත එන්නේ
ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යුගයන්ගේ ලංකාවට ගෙන ආ මැලේ ජනයාගෙනි. පෙර දිගට සංක්‍රමණය වන ලන්දේසින් ම ලයා
අර්ධද්වීපයේ ජකර්නාව හෙවත් බතාවිය තම මූලස්ථානය කර ගත්තේය. අසල වූ ජාවා, සුමාත්‍රා, බොර්නියෝ, සුන්ඩා, කුරුම්බා වැනි ප්‍රදේශ
අත්පත් කරගැනීමේදී ඒ ප්‍රදේශවල විසූ රාජකීයයෝ අල්ලාගෙන. ඔවුහු ලංකාවට සහ දකුණු අප්‍රිකාවට පිටුවහල්
කරන ලදී. ඔවුන් ලංකාවට පිටුවහල් කර න
ලද්දේ අඹුදරුවන්ද සමඟය. ලංකාවට පැමිණි මැලේ රදලයෝ
එකල ලංකාවේ ලන්සි පාලන ප්‍රදේශ වූ කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය හා යාපනය වැනි
ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වූහ.
මේ
හැරුණු කොට ලංකාවට පැමිණි බහුතර ම මැලේ ජාතිකයන් හමුදා සේවයේ නියතු සොල්දාදුවන් ය. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයන් පෙරදිග ආක්‍රමණය
කිරීමත් සමඟම ලන්දේසීන් සමඟ එක්වී සිටි මැලේවරුන්ට ඉංග්‍රීසි හමුදා සමඟ එක්වීමට
වරම් ලැබිණ. මැලේවරුන්ට ඉංශ්‍රීසින්
නිසා හොඳ කල දසාවක් ලැබුණේය. ඉංග්‍රීසි තම හමුදාවට
අනුබද්ධ කර මැලේ භටයින්ගේ රෙජිමේන්තුවක්ද හැදුවේය. ලංකාවේ උඩරට සටන්වලදී ලන්දේසීන් සමඟද ඉංශ්‍රීසීන්
සමඟ ද එකතුවී සටන් කිරීමට මැලේවරු කටයුතු කළහ. විශේෂයෙන්ම ලංකාවට සමාන නිවර්තන දේශගුණයට
පුරුදු වී සිටි
බැවින් සිංහල හේවායන් සමඟ කෙරෙන සටන්වලදී යුරෝපිය සෙබළාට වඩා මැලේ සොල්දාදුවා ඉංග්‍රීසි
හමුදාවට යෝග්‍ය විය.
ඉංග්‍රීසි හමුදාවට අනුබද්ධ
කර තැනුනු රෙජිමේන්තුව රාජකීය වර්ණද ලබා ගත්තේය. බටහිර ජාතීන්ට පමණක් නොව උඩරට රජුටද කුලී
හේවායන් ලෙස සේවය කළ මැලේ ජාතික හමුදාවක් තිබුණි. ලන්දේසි සහ ඉංග්‍රීසි හමුදාවලින් නොයෙකුත්
හේතු මත පැන ගිය පිරිස මේ සොල්දාදුවන්ට අයත් වූහ. “උඩරට
කැරැල්ල” කෘතිය ලියන තෙන්නකෝන් විම
ලානන්ද මහතා පවසන පරිදි ශ්‍රී වික්‍රම රාජසිහ රජුගේ මැලේ හමුදාව කටුකැලේ ප්‍රදේශයේ
සිට ඇත. ඔවුන්ගේ නායකයා වූයේ ආසන
මුහන්දිරම් නැමැත්තෙකු බවත් ලෙවුකේ දිසාවට නිල ඇල්ලීමේ ශිල්පය ඉගැන්වූයේ මොහු බවත්
කියවේ. මේ පිරිස් අයත්ව තිබුණේ
රජුගේ වැටුප් ගන්නා කොටස හෙවත් පඩිකාර පේරුවට ය. ඇත්තෙන්ම මැලේවරු හමුදාවට එක්ව සිටියේ ඉහළ
වැටුප් අපේක්ෂාවෙනි. මේ නිසාම යුද සේවයේ යෙදුණු
මැලේවරුන්‍ගේ ආර්ථිකය ඉතා යහපත් තත්ත්වයේ පැවැත්වුණි.
මේ
සොල්දාදුවන්ගේ ප්‍රධාන ආයුධ වූයේ මස්කට් තුවක්කුව සහ කිරිච්චියයි. කිරිච්චිය මැලේවරුන් හා ඉතා සමීපව බැඳී
පවතින ආයුධයකි. මැලේ වරුන්ගේ සම්ප්‍රදායික
ආයුධයක් වූ මෙය විෂ ආලේප කළ එකකි. චන්ද්‍රභානු රජ සමඟ ගොඩබැස
ගත් යෝධයන් අතවූ විෂ පෙවූ හිස යනුවෙන් සඳහන්වී ඇත්තේ ද මේ කිරිච්චිය බව විශ්වාස
කෙරේ.
ශ්‍රී
ලංකාවේ ඉතිහාසයේ පැවැති මැලේ ජනවාස පිළිබඳ තහවුරු කර ගැනීමේදී ද කිරිච්චිය හොඳ
මෙවලමක් වී තිබේ. හෙන්රි පාකර් විසින්
තිස්සමහාරාමයේදී කළ කැණීමකදී කිරිච්චියක් පහළම වළං කැබලි ස්ථරයක තිබී හමුවී ඇත. මේ අනුව මේ කිරිච්චි ලංකාවේ මැලේ
සම්බන්දතා පිළිබඳ කියන මෙවලමක් බවට පත්විය. අතීතයේ දී මේ ආයුධය යුද්ධය වැනි
අවස්ථාවලදී භාවිතවූවත් අද වනවිට එය මංගල අවස්ථාවලදි පමණක් භාවිතයට ගන්නා
සැරසිල්ලක් බවට පත්වී තිබේ.
මැලේ
සංස්කෘතියේ බොහෝ අංග ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ සම්මිශ්‍රණය වී තිබේ. විශේෂයෙන්ම මැලේ ජනතාව වැඩි වශයෙන් වෙසෙන
කොළඹ, ගම්පහ, හම්බන්තොට, මහනුවර, කුරුණෑගල හා නුවරඑළිය
දිස්ත්‍රික්කවල මෙන්ම සෙසු ප්‍රදේශවල ද මේ බව දක්නට ලැබේ. බතික් රෙදිකලාව, වේවැල් කර්මාන්තය පමණක් නොව
කුකුළු පොරද ලංකාවට හඳුන්වා දුන්නේ මැලේ ජාතිකයන් බව පිළිගැනීමයි. රඹුටන් , දූරියන්, අන්නාසි, පැපොල් යන වචන මැලේ
වචනවලින් බිඳී ලාංකික ව්‍යවහාරයන්ට එක්වූ ඒවාය.
කෙසේ වෙතත් භාෂාව
සම්බන්ධයෙන් නම් මැලේ ජාතිකයන් විශාල අර්බුදයකට අද දවසේ මුහුණ පා සිටී. කිසියම් ජාතියක අනන්‍යතාව රඳා පවතින්නේ
ඔවුන් භාෂාව මත බව පොදු පිළිගැනීමකි. ඒ
අනුව ඔවුන්ගේ අනන්‍යතාව විශාල අර්බුදයක් ඇතිකර භාෂාව වඳවීමේ තර්ජනයට මුහුණ පා
සිටිති. යුනෙස්කෝ සංවිධානය ලෝකයේ
වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින භාෂා 300
අතරට මැලේ භාෂාවද විශේෂයෙන් ශ්‍රී ලංකාව් මැලේ භාෂාව එක් කර තිබේ. ලංකාවේ මැලේ භාෂාව මැලේසියාවේ සහ
ඉන්දුනීසියාවේ ව්‍යවහාර වන මැලේ භාෂාවට වඩා වෙනස්වූවකි. මීට හේතු වූයේ ලංකාවේ ජීවත්වන මැලේවරුන්ගේ
මුතුන් මිත්තන් ඉන්දුනීසියාවේ එක් ප්‍රදේශයකට අයිති අය නොවීමයි. අචේ, සුන්ඩා, බාලි, ආදී ප්‍රදේශවල සිටි ඔවුන්ටම
ආවේණික ප්‍රාදේශීය භාෂාවන් තිබිණි. ඔවුන්
ලංකාවට ගෙන ඒමට පෙර බතාපියානු කොටුව ආශ්‍රිතව ජීවත්වන විට ඔවුහු පොදු භාෂා ව්‍යවහාරයකට
එළැඹී සිටියහ. මේ භාෂාව බතාවියානු මාලේ
හෙවත් බසාර් මැලේ නම් විය. ලංකාවේදී මේ භාෂාව තවත්
පරිණාමයට ලක්වූ අතර සිංහල සහ දෙමළ භාෂාවන්ගේ ආභාශයද ලැබිණි. මේ අනුව දෙමළ හා සිංහල වචන මැලේ වාග්
මාලාවට එක් විය.
ඒ
සමඟම අද වන විට දක්නට ඇති ශෝචනීයම තත්ත්වය නම් බොහෝ විට මැලේ භාෂාව වාචික ස්වරූපයට
පමණක් සීමා වීමය. එමෙන්ම ඉතා සුළුතරයක් වන මේ
ජන වර්ගයට සිය සංස්කෘතිෙය් සාම්ප්‍රදායික සිරිත් විරිත් රැක ගැනීම සඳහා මහා සමාජය
සමඟ සුවිශාල අරගලයක් කරන්නට සිදුව තිබේ.
විශේෂයෙන්ම
භාෂාව රැකගැනීම සඳහා ශ්‍රී ලංකා මැලේවරුන්ගේ සම්මේලනය සුවිශාල පරිශ්‍රමයක් දරමින්
සිටී. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන
එම සංගමයේ සභාපති ටී. කේ. අසූර් මහතා කියන්නේ මෙබන්දකි.
“මැලේ
භාෂාවේ පරිහාණියට හේතු ගණනාවක් බලපාල තියෙනවා. අද වනවිට මැලේ භාෂාව පාසල්වල උගන්වන්නේ
නැහැ. රජයේ භාෂා ප්‍රතිපත්තියට
අනුව සිංහල හෝ දෙමළ භාෂාවලින් තමයි අධ්‍යාපනය ලබන්න ඕනේ. එහෙම වුණාම දෙවැනි භාෂා වෙන්නේ ඉංග්‍රීසි
භාෂාව. ඊළඟට මුස්ලිම් අය කුරාණය
කියවන්න අරාබි භාෂාවත් ඉගෙන ගන්න ඕනේ. එහෙම
වුනාම මැලේ ජාතිකයන්ගේ හතරවැනි භාෂාව තමයි මැලේ භාෂාව. මේනිසා අලුත් පරම්පරාව මැලේ භාෂාවෙන්
හුඟාක් ඈත් වුණා.
ශ්‍රී ලංකා මැලේවරුන්ගේ
සම්මේලනය පිහිටුවන්නේ මැලේවරුන්ගේ මේ අර්බුද රැසකට විසඳුම් සෙවීමේ අරමුණු පෙරදැරි
කරගෙනය.
“අපිට
දියුණු භාෂාවක් තිබුණා. පතපොත ලියවුණා. ලෝකයේ පළමුවෙන මැලේ පුවත්පත ලෝකයට ගියේ
අපෙන්. ඒවාගේම අපි කළ පර්යේෂණ
වලින් අපිට ගද්‍ය පද්‍ය සාහිත්‍යයක් තිබුණු බව තහවුරු වෙලා තියෙනවා. යන්ත්‍ර මන්ත්‍ර පොත්, ආගමික චාරිත්‍ර වාරිත්‍ර
පොත් තිබිලා තියෙනවා. නමුත් අද වෙනකොට ඒවා නැති
වෙලා තියෙනවා.මේනිසා තමයි අපි ලිඛිත
භාෂාවේ දියුණුව වෙනුවෙන් විවිධ වැඩසටහන් කරන්නේ. ඒ අනුව තමයි. අපි 2006 දී මැලේ භාෂා දිනය පටන් ගත්තා. ඒ
අවුරුද්දේ ඉඳන් අපි මැලේ භාෂාවෙන් කථික තරග, රචනා
තරග පැවැත්වුවද එතැනින් එහාට ගිහිල්ලා අද වෙනකොට භාෂාව ලිවීම ගැන වැඩසටහන් පටන්
ගත්තා. භාෂාව වඳවීමේ තර්ජනයෙන්
බේරා ගන්න අපි කටයුතු කරනවා”
එසේ
වුවද 2010 අපොස සාමාන්‍ය පෙළ
විභාගයෙන් මැලේ භාෂා ප්‍රශ්න පත්‍රය ඉවත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර
තිබේ. එය භාෂාවේ සංවර්ධනයට එල්ලවූ
මරු පහරක් බව ද පෙනේ.
“අපි
අවස්ථා කිහිපයකදීම නැවතත් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය ඇතුළු කරලා දෙන්න කියලා
ඉල්ලීමක් කළා. නිලධාරීන් එක්ක සාකච්ඡා වට
කිහිපයකුත් පැවැත්වුවා. ප්‍රතිචාරයක් දන්වන්නම්
කියලා සාකච්ඡාව නිමකළා විතරයි. තවමත් කිසිම ප්‍රතිචාරයක්
ලැබිලා නැහැ.”
“අපිට
මේ නිලධාරීන් කියනවා මැලේ පේපර් එකට වාඩිවෙන ප්‍රමාණය මදි කියලා. අපි පස්සේ කිව්වා අඩුම වශයෙන් ප්‍රශ්න පත්‍රයට
වසරකට 20ක් වත් වාඩි කරවන්න අපි
කටයුතු කරනවා ඒහින්දා මේක කරලා දෙන්න කියලා. ෙමාකද මේක අපේ භාෂාව පවත්වා ගෙන යන්න
ලොකු බලපෑමක් එල්ල කරන කාරණයක්. අපි භාෂාව උගන්වනවා. ඒ සඳහා තරුණ පරපුර දිරිමත් කරනවා. ඒත් ඒ අයට විභාගයකට පෙනී ඉඳලා ඒ පිළිබඳ
දැනුම තහවරු කරගන්න තියෙන්න ඕනේ. භාෂාව ගැන විශ්වාසයක්
තියෙන්න ඕනේ. ඒත් අවාසනාවකට ඒ අවස්ථාව
මැලේ ජාතිකයන් වන අපිට ලබාදීලා නැහැ” යැයි
අසූර් මහතා ප්‍රකාශ කළේය.
එක්තරා
අවධියක ඉතා දියුණු ලිඛිත සාහිත්‍යයකට උරුම කම් කී මැලේ භාෂාව අද පත්වි ඇත්තේ
ශෝචනීය තත්ත්වයකටය. විශේෂයෙන්ම රෙට් ජනගහනයෙන්
0.28%ක පමණ ප්‍රතිශතයක් වන මැලේ
ජනයාට සිය සංස්කෘතික උරුමය රැකගැනීම අද දවසේ එතරම්ම පහසු නැත. මහා සංස්කෘතින්ගෙන් එල්ල වන බලපෑම මෙන්ම
බලධාරීන් නිසි ලෙස ක්‍රියාත්මක නොවීමද එයට බලපා ඇති බව පෙනෙන්නට තිබේ.
මලික් චමින්ද ධර්මවර්ධන
2015 මාර්තු 27 දිනමිණ පුවත්පතෙනි

No comments:
Post a Comment